21.වගන්තිය මේ පනත යටතේ ස්වකීය බලතල ක්‍රියාත්මක කිරිමේ දී හෝ කාර්ය හෝ කර්තව්‍ය ඉටුකිරීමේ දී දැන දැනම හෝ හිතාමතාම අසත්‍ය හෝ වැරදි යම් තොරතුරක් මත ක්‍රියාකරන යම් රාජ්‍ය නිලධාරියෙකු වරදකට වරදකරු වන අතර මහේස්ත්රාත්වරයෙකු ඉදිරියේ පවත්වන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබීමෙන් පසු රුපියල් දස දහසකට නොවැඩි දඩයකට හෝ අවුරුදු එකකට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමට හෝ ඒ දඩය හා බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම හෝ යටත් විය යුතුය. 22.වගන්තිය නිලධරයා වෙත හෝ කමිටුව වෙත ඉදිරිපත් කරන ලද ලියවිල්ලක අන්තර්ගත යම් ප්‍රකාශයක අව්‍යාජත්වය නිශ්චය කර ගැනීමට මණ්ඩලයේ යම් නිලධාරියෙකු හෝ යම් තේරීම් කමිටුවක සමාජිකයෙකුට නොහැකි වූ විට සහ එහි ප්‍රතිඵලය වශයෙන් වැරදි සුභසාධක ප්රතිලාභ ගෙවීමක් කරනු ලැබ ඇති විට එම මුදල රජයට අය විය යුතු ණයක් ලෙස එම නිලධරයාගෙන් හෝ සාමාජිකයන්ගෙන් අයකර ගත යුතුය.